අස්ගිරි මහ නා හිමිට හින්දු හර සර


බුදු දහම හා හින්දු ආගම එකම රටක  බිහි වු එක සමාන ආගම් දෙකක් බවත්  බෞද්ධයන් හා හින්දුන් එක්ව සිටීම ලොකු බලයක් බවත් උඩුගම බුද්ධරක්ඛ්ත  මහා නා හිමියෝ  නල්ලුර් හිදී පැවසුහ.

අස්ගිරි මහා නාහිමියන් අතුළු බෞද්ධ දුත පිරිසක් නල්ලුර්හිදී  හින්දු පුජකවරු හමු වුහ.

ගව ඝාතනයට එරෙහිව බෞදධ භික්ෂුන් ගෙන යන උද්ඝෝෂණය ඔවුහු පැසසුමට ලක් කළහ.

බන්ධනාගාර ගත  වී සිටිය දෙමළ රැඳවියන් ඉක්මනින් නීතීය ඉදිරියට පමුණුවන ලෙස හෝ නිදහස් කරන බව ජනපතිගෙන් ඉල්ලා සිටි බවද මහ නාහිමියෝ පැවසුහ.

යාපන නාග විහාරාධිපති මීගහජදුරේ  ඤාණරතන හිමිගේ ආරාධනය පරිදි  මහා නා හිමියෝ බෝ මළුවේ බුදු පිළිරුවක් ද තැන්පත් කළහ.

කහවත්තේ සරණංකර,වඳුරාගල ධම්මාරාම සහ  නුගේතැන්නේ පඥා නන්ද නා හිමිවරුද ,යාපන ආරක්ෂක සේනා ආඥාපති මේර්ජ ජනරාල්  උදය පෙරේරා  උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුජිත ජයසුන්දර යන මහත්වරුද පැමිණ සිටියහ.