මහනුවර අස්ගරියේ නිල සුනඛ මූලස්ථානයේ දී පසුගිය අගෝස්තු 26 වැනි දා සුනඛයන් පෝරුවට නංවා යුග දිවියට ඇතුළු කිරීමෙන් පසුව ෆයිරා මවක වී පැටවුන් දස දෙනකු බිහි කළ නමුත් නව දෙනකුම මිය ගිය බව දැනගන්නට ඇත.
රොට්වීලර් (රොට්) බල්ලන් සෙවීම් හා බේරා ගැනීමේ මෙහෙයුම්, මුර සේවා හා පොලිස් කටයුතු සඳහා යොදා ගැනේ.
ඕනෑම දුෂ්කර වැඩ කිරීමේ හැකියාව ඇති රොට්වීලර් බල්ලකුගේ ජීවිත කාලය වසර නවයක් පමණ වේ.
පොලිස් සුනඛයන් අභිජනනය කිරීමේ වැඩසටහන යටතේ සුනඛ ජෝඩු තුවක් එදින නුවර එළියේ මධුසමයට යවනු ලැබූහ. බැල්ලියකගේ ගැබ් කාලයේ දින 56ත් 66ත් අතර වේ.