අස්ගිරි කුක්කුර මඟුලට දෙදාහක් එති


මහනුවර අස්ගිරියේ පොලිස් නිල සුනඛ ජෝඩු අටක්  කරකාර  බැන්දවීමේ උත්සවයට අඩු ගණනේ මධ්‍යම පළාතේ පොලීසි වලින් දෙදහසකට ආසන්න පිරිසක් පැමිණ සිටියහ.

තොරණ හා ආරක්කු ඉදි කැර තිබු අතර පොලිස් තූර්ය වාදක කණ්ඩායම ද කැඳවා තිබිණි.සුනඛ අභිජනන උත්සවය යනුවෙන් තොරණෙහි  ලියා තිබිණි.

නිල සුනඛ ජෝඩු විස්සක් තම නිලයේ  ඇඳුම ඇද හිස් වැසුම්  හා අව් කණ්නාඩි පැළැද මඟුලට ආහ.

ජෝඩු අටක් ලියාපදිංචි කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයන්  අතර පේරාදෙණ්ය සරසවියේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්යවරු කිහිප දෙනෙක්ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච් එන් බී අඹන්වල මහතාද වුහ.

සාක්කිකරුවන් වශයෙන්  ඔවුන් බලා ගන්නා පොලිස්  සාමාජිකයෝ දෙදෙනා අත්සන් තැබුහ.

ගිවිස ගැනීමේ පොරොන්දුව කියවිම ද ඒ දෙදෙනා අතින්ම සිදු විය.

ඉන් කියැවුණේ අප දෙදෙනා බාරයේ සිටින මේ දෙදෙනාගෙන් හොද පැටියෙකු ලබා ගැනීමට වග බලා ගන්නා බවයි.

 මඟුල් සීණු  නොහැඩවුණු  සුනඛයෝ  පීඨීකා මත නන්වනු ලැබ සිටියහ

.මඟුල් සීනු හැඬවිදින් සිටි සුනඛයෝ  සුනඛයෝ පෝරු මස්තකාරුඪ කරනු ලැබුහ.

සුනඛ ජෝඩු පෝරුවෙන් බැස්සවු පසු සුනඛයෙකු විසින්ම පැදැවුණු ජිප් රියකින් අස්ගිරි  පිටිය කෙළවරට යාමේ අවස්ථාව ලැබිණි .ජෝඩු තුනක් නුවරඑළි මධුසමයට යන ජිප්රිය බැලුම් හා ක්‍රේප් පටි එල්ලා සරසා තිබිණි.මඟුල් ගෙදර ආ සියලු දෙනාට කිරිබත් ලුනු මිරිස්,සැන්විචස් හා කෙසෙල්ගෙඩි ආදීයෙන් සංග්‍රහ කෙරිණි.

 මඟුල් ගෙදර වැඩ කටයුතු පැය දෙකහමාරකින් පමණ අවසන් විය.