අසමත් 10කට බලපත්‍ර දුන් මාතර ආර්.එම්.වී සේවකයා ගෙදර


(යොහාන් භාසුර)

මාතර දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්‍ෂකවරයාගේ නිල මුද්‍රාව අවභාවිත කරමින් රියදුරු ප්‍රායෝගික පරීක්‍ෂණය අසමත් වූ 10 දෙනකුට වලංගු රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ චෝදනාවට එම කාර්යාලයේ ලිපිකරුවකුගේ වැඩ තහනම් කිරීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පියවර ගෙන තිබේ.

රියදුරු ප්‍රායෝගික පරීක්‍ෂණය අසමත් වූ පුද්ගලයකුට වලංගු රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට අදාල ලිපිකරු රුපියල් 10,000 ක් බැගින් මුදල් ලබාගනෙ ඇති බවත් ලැබුණු පැමිණිල්ලකට අනුව කළ අභ්‍යන්තර පරීක්‍ෂණයකදී මෙම නීති විරෝධී ජාවාරම හෙළි වී ඇති බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.