බංග්ලාදේශ ක‍්‍රිකට් පිලේ හිටපු නායක මෙන්ම වර්තමාන ප‍්‍රබල පිතිකරු මොහොමඞ් අෂ්රාෆුල් මුදලට තරග පාවාදීමට සම්බන්ධවී තිබේද යන්න පිළිබඳව අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව (අයි. සී. සී.) පරීක්‍ෂණ ආරම්භ කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
බංග්ලාදේශ ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ ප‍්‍රකාශකයකු පවසා තිබුණේ බංග්ලාදේශ ප‍්‍රීමියර් ලීග් (බී. පී. එල්.) තරගාවලියේදී මුදලට තරග පාවාදීම් සිදුවී ඇත්දැයි අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකය පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවයි.
ඩකා ග්ලැඩියේටර්ස් පිලේ නායකයා ලෙස කටයුතු කළ මොහොමඞ් අෂ්රාෆුල් තරග දෙකකදී සිය කණ්ඩායම පරාජයට පත්කිරීම සඳහා මුදල් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති බව ද වාර්තා වේ. චිතගොං කිංග්ස් පිලට එරෙහිව පැවැති තරගය පරාජයට පත්කිරීම සඳහා ඩොලර් මිලියනයක පමණ මුදලක් ලබා ගෙන ඇති බවට ද චෝදනා එල්ල වේ.
මොහොමඞ් අෂ්රාෆුල් 2007 වසරේ සිට 2009 වසර දක්වා බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේය. 28 හැවිරිදි අෂ්රාෆුල් මේ වන විට ටෙස්ට් තරග 61 කදී සහ එක්දින තරග 177 කදී බංග්ලාදේශ පිල නියෝජනය කර තිබේ.

