අශාන්ට - ඩැනියෙල්ට මොතූල් අනුග‍්‍රහය


ප‍්‍රධාන පෙලේ මෝටර් රථ ධාවකයකු වන ආශාන් සිල්වාට සහ දක්ෂ යතුරු පැදි ධාවකයකු වන නෙඞ් ඩැනියෙල්ට 2013 වසරේදී ඔවුන් සහභාගීවන තරග සඳහා අනුග‍්‍රහය දැක්වීමට මොතූල් ලිහිසි තෙල් බෙදාහරින ශ්‍රී ලංකාවේ එකම නියොජිත ආයතනය වන ඩයිනමික් මෝටර්ස් ආයතනය ඉදිරිපත්වී තිබේ.

2005 වර්ෂයේ සිට මේ දක්වා මෝටර් රථ තරග රියදුරෙකු වශයෙන් කටයුතු කරන අශාන් සිල්වා පසුගිය වසර 3 ඇතුලත දිනා තිබෙන ශූරතා සංඛ්‍යාව 14 කි. මේ වන විට මෝටර් රථ කී‍්‍රඩාවේ සුපිරි මෝටර් රථ අංශයේ ශූරයකු ලෙසද අශාන් සිල්වා හැදින්විය හැක.

අශාන් මොතූල් අනුග‍්‍රහකත්වය යටතේ එස්. එල්. එච්. 1600 සී. සී. තරග ඉසව්වට සහ එස්. එල්. ජී. ටී. 3500 සී. සී. තරග ඉසව්වට සහභාගී වීමට නියමිතය.

2010 වසරේදී යතුරු පැදි තරග අතරට පිවිසි නෙඞ් ඩැනියෙල් ජපානයේ සහ මලයාසියාවේ පුහුණුව ලබා ඇති කී‍්‍රඩකයෙකි.

ඡයාරූපය - මොතූල් ශ්‍රී ලංකා හි සාමාන්‍ය අධිකාරී චන්න එදිරිසිංහ මහතා අශාන් සිල්වා (දකුණේ) සහ නෙඞ් ඩැනියෙල් (වමේ) සමග......