අවුරුදු චාරිත්‍ර කියන්නේ පරම්පරා ගාණක් තිස්සේ එන දෙයක්. මේ පිළිබඳව නවක පරපුරේ තරුණ තරුණියන්ට නොතේරුණත් බොහෝ අය මේ සඳහා පොඩි හරි ගරුත්වයක් තියෙනවා. ඒ වගේ කෙනෙක් තමයි අනුරාධා එදිරිසිංහ කියන්නේ. එයාගේ අවුරුදු මේ විදිහටයිලු සමරන්නේ.
"පොඩි කාලෙ ඉඳලම අම්මයි තාත්තයි එක්ක තමයි අපි අවුරුදු සැමරුවේ. අපේ අම්මලා අවුරුදු චාරිත්‍ර ඒ විදිහටම ඉෂ්ට කරනවා. අවේලාවේ කාලා මගෙනුයි අයියගෙනුයි අතින් නම් චාරිත්‍ර කැඩෙනවා. ඉතින් අපේ අම්මා එහෙම බණින කෙනෙක් නෙමෙයි නිසා අපි දෙන්නා බැණුම් අහන්නෙ නෑ. මගේ තාත්තා පොලීසියේ වැඩ කරන්නේ. තාත්තා ගොඩක් වෙලාවට ඒ නැකත් වෙලාවට නැත්නම් නැකත් වෙලාව පහුවුණාට පස්සෙ තමයි එන්නේ. එයාව ටිකක් අල්ලගන්න අමාරුයි. කොහොම වුණත් අවුරුදු උදාවෙද්දි මමයි, අම්මායි, තාත්තායි, අයියයි එදා ඉඳලාම එකට ඉන්නවා."
සිංහල හින්දු අලුත් අවුරුද්ද කියන්නෙ අපි හැමෝටම වැදගත්වන, අපේ සංස්කෘතිය විදහාපාන ජාතික උත්සව අවස්ථාවක්. ඉතින් මම කියන්නෙ අපි කොහේ හිටියත්, මොනතරම් කාර්යබහුල වුණත් එදාටවත් පවුලේ කට්ටියට එකතුවෙලා ඒ නියමිත චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරලා ඉන්න පුළුවන්නම් ගොඩක් වටිනවා කියන එකයි. ඒ වගේම විවාහවෙලා ගෙදරින් වෙන්වෙලා ඉන්න දරුවන් තමන්ගේ දරුවොත් එක්ක තම මවුපියන් බලන්න යන්න කියලත් මම කියනවා. ඒක ඒ මවුපියන්ට විශාල සතුටක්."
කුෂි