හිරු මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීම සිදුවන සිංහල දෙමළ අලුත් අවුරුද්දේ නොනගතය අද පස්වරු 7.05 ඇරැඹිණි.
සියලු දෙනා පරණ අවුරුද්දට කා බී, ලිප ගිනි නිවා සියලු වැඩ අවසන් කළහ.
සිංහලෙන් නොනගතය හෙවත් පුණ්‍ය කාලය ද, දෙමළෙන් ‘විෂු‘ කාලය ද ලෙස හැඳින්වෙන මේ කාලයේ පන්සල්, පල්ලි, කෝවිල් ආදියට ගොස් වතාවත් සිදු කරති.
නැකත් නැති සමය නොනගතය ලෙස ජ්‍යොතිෂයේ හැඳින්වෙයි.
රටපුරාම සාමකාමී අවුරුද්දක් සමරන බවට වාර්තා ලැබෙමින් පවතී.