සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව සිංහල හා දෙමළ අලූත් අවුරුදු නැකැත් සීට්ටුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති නිල නිවසේ දී සිදු විය.
අතීතයේ අණබෙරකරුවන් මාර්ගයෙන් සිංහල හා දෙමළ අලූත් අවුරුදු චාරිත්‍ර හා නැකැත් ගෙයින් ගෙට ගොස් බෙදා දීම සිදු වූ අතර මෙය සිංහල අලූත් අවුරුදු සීට්ටුව නමින් හැදින්විණි. පැරණි ක්‍රමය සිහිගන්වමින් අණඛෙරකරු සමග පැමිණිලි නැකැත් රාල ජනාධිපති වෙත නැකැත් චාරිත්‍ර පිළිගැන්වීය.
සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක , අමාත්‍යංශයේ ලේකම් එච්.ඩී.එස්. මල්කාන්ති, සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරි අධ්‍යක්ෂ මාධව වත්තේගම, මහජන සම්බන්ධතා නිලධාරි මලිති ඒකනායක, සංස්කෘතික අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ විජිත් කපුගල, නෙස්ලේ සමාගමේ අධ්‍යක්ෂ බන්දුල එගොඩගේ මහත්ම මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ද ඊට සහභාගී වූහ.




