බම්බලපිටිය මුහුදේදී 2009 වසරේදී මානසික රෝගී තරුණයකු මුහුදී ගිලී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙක් වසර තුන හමාරක් තිස්සේ රිමාන්ඩ් බාරයේ සිටී.
තමාට ඇප ගැනීම සඳහා වත්කමක් නැති බව පතිරගේ රාජා නම් මේ සැකකරු විවෘත උසාවියේදී ප්‍රකාශ කළේය.
නීති ආධාර කොමිසමෙන් උදව් ගැනීමට ගත් උත්සාහය ද අසාර්ථක වූ බව ඔහු කීවේය.
මේ සම්බන්ධයෙන් වහාම නීතිපති උපදෙස් පතන බව කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය මහේස්ත්‍රාත් ගිහාන් මිලපිටිය මහතාට ප්‍රකාශ කළේය.
මේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ පොලිස් කොස්තාපල් දිමුතු සොම්නස් වැලිකඩ ගෙදරදී මරුමුවට පත්විය. දෙවැනි සැකකාර විරේන්ද්‍ර වීරවර්ධන ඇප මත සිටී.
ලොතරැයි වෙළෙන්දකු වන එම් එස් ප්‍රනාන්දු කොළඹ මහාධිකරණයෙන් ඇප ලැබීය.
පතිරගේ රාජා පැවසුවේ දියේ ගිලුණු පුද්ගලයා බේරා ගැනීමට පැමිණි තමන් අහිංසකයකු බවත්. ලබන හතර වැනිදා තෙක් ඔහු රිමාන්ඩ් කරනු ලැබීය.