අවුරුදු කොහා තවමත් ඉතාලියේ


ඉතාලියේ නගර කිහිපයක අවුරුදු උත්සව පසුගිය 14 වැනිදා පැවිත්විණි. සිසිලි බෞද්ධ විහාරයේ අවුරුදු චාරිත්‍ර මල්වතු පාර්ශ්වයේ ඉතාලියේ ප්‍රධාන සංඝනායක වගේගොඩ සීලානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම විහාරස්ථානයේදී පැවැතියේය.

රෝම ධර්මාශෝක විහාරස්ථානයේ දී අවුරුදු උළෙල හා ගරායක් ශාන්තිකර්මයක් සිදු විය.

රාමඤ්ඤ නිකායේ, ඉතාලියේ ප්‍රධාන සංඝනායක දඹදෙණියේ ධම්මාරාම හිමියෝ ඊට අනුග්‍රහය දැක්වූහ.

ෆිරෙන්සි සමාධි විහාරයේ අවුරුදු උළෙල දොඩන්දෙණියේ නන්දසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි.  පාදෝවා ශ්‍රී ලංකා සංවිධානයේ බක්මට උළෙල බ්‍රෙන්තෙල්ලේ ක්‍රීඩාපිටියේදී පැවැත්විණි.