අවුරුදු කන්න 419 කොළඹ ජාතික රෝහලට එති


අලුත් අවුරුදු දෙදිනේ දි සිදු වු හදිසි අනතුරුවලින් තුවාල ලැබු 419 දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ප්‍රකාශයෙක් කීය. ඉන් 172 දෙනෙක් නේවාසික ප්‍රතිකාර ලබති. ගිනි කෙළිවලින් තුවාල ලැබුවන් අඩු වුවද මාර්ග අනතුරුවලින් තුවාල ලැබුවන් වෙනත් වසරවලට වඩා වැඩී වි ඇතැයි ද එම ප්‍රකාශකයා පැවැසිය.