පොලිස් නිල සුනඛයන් යොදා ගනිමින් පොලිස් දෙපාර්තුමේන්තුව මගින් ඡනතාව දැනුවත් කිරීමේ වැඩ සටහන් පෙළට සමගාමීව පේරාදෙණිය මුරුතලාව ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයකදි පොලිස් නිල සුනඛයන්ගේ විනෝදාත්මක හා නාට්‍යානුසාරී දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ඉදිරිපත් කෙරිණි.
දිවයිනේ ඕනෑම පළාතක සංවිධානයක් මගින් ඉල්ලිමක් කළහොත් මෙවැනි සංදර්ශන එම පළාතට ලබා දිය හැකි බවත් මෙමගින් මහජන සම්බන්ධතාවය ගොඩ නැගිම සිදුවන බවත් පොලිස් නිලධාරීන් ලෙසම පොලිස් නිල සුනඛයන්ද සැමවිටම ඕනෑම අපරාධයක් සෙවිමට සුදානම් බවත් පොලිස් නිල සුනඛ කොට්ඨාශ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී සිසිර වීරකොන් මහතා පැවසීය.






