ගතවූ පැය විසි හතරක කාලයේදී හදිසි අනතුරු වලට ලක්වූ පුද්ගලයන් 256 දෙනකු කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබාගත් බවත් ඉන් 130 දෙනකු නේවාසිකව සිටින බවත් ජාතික රෝහලේ නියෝජ්‍ය අධයක්ෂ වරයා පවසයි. මේ අතර රිය අනතුරු වලට ලක්වූ පුද්ගලයන් 45 ද, ගෘහස්ථ අනතුරුවලින් තුවාල ලැබූවන් 40 ක් ද, ගෘහස්ථ හිංසනයට ලක්වූවන් 18 ක් ද, මත්පැන් පානය හේතුවෙන් අනතුරට ලක්වූ නම දෙනකු හා මල් වෙඩි පත්තුකිරීමේදී තුවාල ලැබූ දෙදෙනෙක් ද සිටිති. රෝහල් ආරංචිමාර්ග අනුව පසුගිය වර්ෂයේ අවුරුදු නැකැත් තිබූ පැය විසිහතරක කාලයේදී සිදුවූ අනතුරු වලට වඩා මෙවර සිදුවූ අනතුරු සියයට හතරකින් ඉහළ ගොස් ඇත..