අවුරුදු අටයි : කොල්ල කරාටේ ශූරයෙක්


ඉතාලියේ පොන්සානෝ නුවර පැවැති  2013 විවෘත ළමා කරාටේ ශූරතාවලියෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනිමට ශ‍්‍රී ලාංකික දරුවෙකු වන අට හැවිරිදි තෙනූප රිෂොන් ප‍්‍රනාන්දු සමත් විය.

ඉතාලි ජාතික කරාටේ සම්මේලනය විසින් සංවිධානය කළ මෙම තරගාවලිය පසුගිය 16 වෙනිදා පොන්සානෝ නුවරදී පැවැත්විණි. තරගාවලිය සදහා ඉතාලි ජාතික ක‍්‍රීඩකයෝ හත්සීයකට අදික පිරිසක් සහභාගී වූහ.

තෙනූප මෙම ලෝකඩ පදක්කම දිනාගත්තේ වයස අවුරුදු 8-9 අතර දරුවන්ට  පැවැති කාතා ඉසව්වෙනි.

ඔහු මෙම තරගාවලියට ඉදිරිපත් වුයේ ආර්.බී.කේ ටෙ‍්‍රවිසෝ  කරාටේ පාසැල නියෝජනය කරමිනි.

කරාටේ ක‍්‍රීඩාවට අවතීර්ණ  වී මාස දෙකක් වැනි කෙටි කාලයකදී මෙවැනි තරගාවලියකට සහභාගී වී පදක්කම්ක් දිනාගැනීම විශේෂත්වයක් බව ඔහුගේ පුහුණුකරු පැවසුවේය.

තෙනුප   ඉතාලියේ ටෙ‍්‍රිවිසෝ ප‍්‍රාන්තයේ ශාන්ත ෆ‍්‍රැන්සිස්කෝ විදුහලේ තුන් වෙනි පන්තියේ ඉගෙනුම ලබයි. ඔහු ක‍්‍රීඩාවට මෙන්ම අධ්‍යාපනයටද එකසේ දස්කම් දක්වයි. 

තෙනුපගේ පියා පගීත් ෂෙනොන් ප‍්‍රනාන්දු වන අතර මව මේරියන් ප‍්‍රනාන්දු මීගමුවේ පදිංචිකරුවෝ වන අතර මේ වන විට ඉතාලියේ ටෙ‍්‍රවිසෝ ප‍්‍රාන්තයේ පදිංචියට පැමිණ වසර දොලහකි.