අවුරුදු 18 වෙනකම් ළමයි


(අජන්ත කුමාර අගලකඩ)

ළමයින් ලෙස සැලකෙන වයස් සීමාව අවුරුදු 18 දක්වා වැඩි කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.

ඒ සඳහා වන යෝජනාවක් අධිකරණ අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලයට හෙට (16) ඉදිරිපත් කෙරෙනු ඇතැයි දැන ගන්නට තිබේ.

මෙරට ළමයින් ලෙස සැලකෙන වයස් සීමාව අවුරුදු 18 දක්වා වැඩි කරන්නැයි විවිධ පර්ශ්ව රජයෙන් ඉල්ලා තිබිණි.

මේ අතර තරුණයින් ලෙස සැලකෙන වයස් සීමාව අවුරුදු 18 ත් 22 ත් අතර ලෙස සංශෝධනය කෙරෙනු ඇතැයි වාර්තා වේ.

දැනට තරුණ වයස් සීමාව ලෙස අවුරුදු 16 ත් 22 ත් අතර වයස් සීමාව සැලකේ.