අවුරුදු 10 කදී ගත් ණය වගේ දෙගුණයක් වසර දෙකකදී අරගෙන


තම රජය අවුරුදු 10 කදී ගත් ණයට වඩා වැඩි ණය ප්‍රමාණයක් වත්මන් රජය පසුගිය වසර දෙකේ ගෙන තිබෙන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (23) පැවසීය. රටේ ජාතික සම්පත් විකිණීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ආරම්භ කළ ජාතික සම්පත් සුරැකීමේ මධ්‍යස්ථානය නාරාහේන්පිට අභයාරාමයේ දී විවෘත කරමින් හිටපු ජනපතිවරයා එසේ කීවේය.

රාජ්‍ය කළමනාකරණය නොදන්නා බැවින් අද වන විට ආර්ථික අර්බුදයක් ඇතිව තිබෙන බවත් මේ හැම අර්බුදයකටම මුල රාජපක්ෂලා කියමින් ඇඟ බේරාගැනීමට රජය උත්සාහ ගත්තද බුද්ධිමත් ජනතාව සත්‍ය වටහාගෙන ඇතැයි ද රාජපක්ෂ මහතා කීවේය.