අවුරුද්දත් කිට්ටු කිට්ටු... ඔට්ටු ඇල්ලුවොත් මට්ටු මට්ටු...


උත්සව සමය වෙනුවෙන්  අගනුවරට සහා නගරාසන්න ප්‍රදේශවලට පැමිණෙන මහජනයාගේ ආරක්ෂාව වෙනුවෙන්  සාමාන්‍ය ඇඳුමින් සැරසුණු පොලිස් ආරක්ෂක සේවාවක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.

එමෙන් නාගරික මට්ටමින් හෝ ග්‍රාමීය මට්ටමින් කිසිදු සූදුවකට නීතියෙන් ඉඩක් නැති බවත් පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක අංශ පොලිසිය සමඟ ඒකා බද්ධව කටයුතු කිරීමට කටයුතු කරන සියළුම මහජන පැමිණිලි 119 අංකය වෙතම සිදු කරන ලෙසත් ඔහු දන්වා සිටී