(කාංචන කුමාර ආරියදාස )
ගොවීන්ට ලබාදීමට තීරණය කර ඇති වන්දි මුදල් මේ මස 11 වැනිදාට පෙර නොදුනහොත් 12 වැනි දා රටපුරා සිටින ගොවි ජනතාව හට්ටි මුට්ටි සමග කෘෂිකර්ම අමාත්‍යංශය වට කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.
අලුත් අවුරුද්ද සැමරීමට කනකර උකස් කිරීමට සිදුව ඇති බවත් වන්දි නොදුන්නොත් නිතිය හමුවට යන බවත් ඒ මහතා කියයි.
ප්‍රධාන සහල් නිෂ්පාදන මෝලක වස විෂ යොදා වී සහල් කල් තබාගනිමින් සිටින බවත් දේශීය හා විදේශීය සහල් කලවම් කරමින් අධික ලාභයක් ලබන බවත් එක්සත් සහල් නිපදවන්නන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා පවසයි.
රජයේ සංස්ථාවක් විසින් මේ දිනවල අලෙවි කරනු ලබන සහල් අතරද කලවම් කරන ලද සහල් ඇති බවද ඒ මහතා කියයි.

