අවුරුද්දට දඬුකඳත් එයි


අතුරුගිරිය දැදිගමුව මනිංගල අවුරුදු උත්සවයේ සම්ප්‍රදායික තරඟ මෙන්ම කෝරලේ මහත්තයා, දඬුකඳ, බරභාගය, වලව්ව, ගම ගෙදර, වී බිස්ස ද දැක ගත හැකි විය.

කාකි කොට කලිසමින් සැරසුණු පැරණි පොලිස් කොස්තාපල්වරුන් ද, කෝරළේ මහත්තයා හා මැණිකේ ද මේ අවුරුදු උත්සවයෙන් ගමට ආහ.

කළුබෝවිටියන සිරිරතන හා හසලක අත්තදස්සී හිමිවරුන්ගේ අදහසක් අනුව මේ උත්සවය සංවිධානය කැර තිබිණි.