(යොහාන් භාසුර)
සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට ජනතාවට ගම්බිම් බලා පිටත්ව යෑමට හෙට (8) සිට විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසීය.
මෙම විශේෂ දුම්රිය සේවය මේ මස 18 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බව ද සෙනෙවිරත්න මහතා කීය.





