පළාත් පාලන ඡන්දය ඉතා ඉක්මණින් පැවැත්වීමට අවශ්‍ය සහය සියලු පාර්ශවයන්ගෙන් බලාපොරොත්තු වන බව ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතා තලවතුගොඩ දී ප්‍රකාශ කළේය.
නව පළාත් පාලන මැතිවරණ ක්‍රමයට ඉදිරි වසර කිහිපයේ දී සංශෝධන ඉදිරිපත් නොවන අයුරින් නිවැරදි ආකාරයටම සකස් කළ යුතු බව පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණය කිරිමේ සර්ව පාක්ෂික සමුළුව අමතමින් ජනපති මෙසේ කීවේය.
මේ අතර ලබන වසරේ අප්‍රේල් මාසයට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බව තමා පාර්ලිමේන්තුවේදී අද (11) පෙරවරුවේ ප්‍රකාශ කළ බව මෙම සමුළුවට සහභාගී වු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
නව මැතිවරණ ක්‍රමය යටතේ අපේක්ෂකයන් පත් කීරිම පිළිබඳ දේශපාලන පක්ෂ අතර එකඟතාවයක් මෙම මාසයේ දී ඇති කරගත යුතු බව වික්‍රමසිංහ මහතා පැවසිය.
පිළිගත් දේශපාලන පක්ෂ 64 ක් ඇතුළු කණ්ඩායම් ගණනාවකට මෙම සමුළුව ආරාධනා කර තිබිණි. නමුත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු මෙයට සහභාගී නොවුහ. පසුගිය ආණ්ඩුවේ හිටපු ඇමැති තිස්ස විතාරණ මහතා ද සහභාගී විය.








