
(උපුල් හේරත්)
2022 සිංහල දෙමළ අලුත් අවුරුදු සමරමින් බොහො දෙනෙක් ආගමිකතවත් ඉටු කිරිම සඳහා වෙහෙර විහාරස්ථාන වෙත් පැමිණ සිටිය. ඓතිහාසික අනුරාධපුර රුවන්වැලි මහා සෑරදුන්,මහනුවර දළදා මාලිගාව, කැලණිය වෙහෙර, කතරගම පුදබිම ඇතිළු දිවයිනේ වෙහෙර විහාරස්ථාන බැතිමතුන්ගෙන් පිරි ඉතිරී ගියහ. ්
සිංහල දෙමළ අලුත් අවුරුදු දිනයේ දි පවා අඨාංග සීලය සමාදන් වූ උපාසක උපාසිකාවන් ද බොහෝ දෙනෙකු දැක ගැනීමට හැකිවිම විශේෂත්වයකි .
වෙනත් වර්ෂවලට වඩා මෙවර අවුරුද්ද ඒ තරම් සාර්ථක නොවුනත් ,ආර්ථික වශයෙන් දැඩි ප්‍රපාතයකට රට ඇද වැටී ඇති මොහොතක , රුවන්වැලි සෑය අභියස පෙහෙවත් සමාදන් වූ උපාසක උපාසිකාවන්ට මෙන්ම, වැඳ පුදා ගැනීමට පැමිණි බොහෝ පිරිසකට කැවුම් කිරිබත් කෙසෙල් ගෙඩි යනාදියෙන් සංග්‍රහ කිරීමට ගොකරැල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් කටයුතු කළේය.


