අවිචාර සමයේ දිල්ෂාන්ගෙන් විචාරවත් ගීයක්


20160615Dilshan-1'මෑෂප්' කියන සංකල්පය අපේ රටට අලුත් දෙයක් නොවුණත්, ඒ සංකල්පය තුළ විශාල වෙනස් කරනු ලැබූ පුද්ගලයෙකු ලෙස දිල්ශාන් උමයංග හැඳින්විය හැකිය. දක්ෂ බටනලා වාදකයෙකු මෙන්ම වෙනස් සංගීත රසයක් ඇති තරුණයෙකු වන ඔහුගේ නවමත 'මෑෂප්' ගීතයක් මේ වනවිට එළිදක්වා තිබේ. ඒ පිළිබඳව කතාබහ කිරීමට 'සාරවිට'  සඳහා මෙලෙසින් එක්කාසු කරගත්තෙමු.

 

අලුත් ගීත ගැන කිව්වොත්?

මම මුලින්ම කිව්වානේ මේ ගීතය මිනිස්සුන්ට විචාරය කරන්න පුළුවන් වැඩක් කියලා. සිංදු දෙක ඇහැව්වට පස්සේ සිංදු දෙක Match කරන්න පුළුවන් ගතියක් තිබුණා. එකක් කළු චරිතයක් සහ සුදු චරිතයක් කියලා මම තේරුම් ගත්තා. 'මතුදාක' කියන එක කළු චරිතයක් සහ 'හතර කේන්දරේ' කියන්නෙ සුදු චරිතයක් ලෙසයි. මේ දේ එකතු කරලා තමයි කට්ටියක් එක්ක මේ විදිහට වීඩියෝවක් කළේ.

 

ඔබ මෑෂප් ගීත පමණක් කරන පුද්ගලයෙක්ද? ඇයි ඔබේ ගීතයක් එළිදක්වන්නේ නැද්ද?

මගේ ඔරිජිනල් ගීතයක් එනවා. කරන ගමන් තමයි ඉන්නේ. නමුත් ලංකාවේ Cover Version පැත්ත ලොකුවට නැති නිසා තමයි එකක් දෙකක් කරලා බැලුවේ ප්‍රතිචාර කොහොමද කියලා. වෙන රටවල මේ දේ බරපතළ විදිහට කෙරෙනවනේ. ඉතිං අත්හදා බැලීමක් විදිහට තමයි කරලා බැලුවේ. අලුත් වැඩ ඉදිරියට තියෙනවා.

 

අලුත් ගීත සඳහා ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ගීතය එළිදක්වලා වැඩි කාලයක් නැහැ. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. 'මතුදාක' සිංදුව ජාලින්ද කරුණාරත්නගේ. එයත් කමෙන්ට් එකක් දාලා තිබ්බා වැඩේට සුභ පතලා. ඊළඟට 'හතර කේන්දරේ' Production එක කළෙ තෙහාන් පෙරේරා. තෙහානුත් ගීතය ශෙයාර් කරලා තිබ්බා සහ වැඩේට සුභ පතලාත් තිබුණා. 'හතර කේන්දරේ' මෙලඩිය කළේ යසස් මැදගෙදර. එයත් මේ සඳහා සුභ පතලා කමෙන්ට් එකක් දාලා තිබ්බා. මේ ගීතය මේ වනවිට ඒ අය වගේම ගොඩක් අය ආදරෙන් වැලඳගෙන තියෙනවා  කියලා කියන්න පුළුවන්.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

20160615Dilshan-2 20160615Dilshan-3 20160615Dilshan-4 20160615Dilshan-5 20160615Dilshan-6 20160615Dilshan-7 20160615Dilshan-8 20160615Dilshan-9 20160615Dilshan-10