අව් පූටකෙත් හිමි නම රන්මැලි භාවනාවේ


අනුරාධපුරය රුවන්වැලි සෑ චෛත්‍යය ඉදිරිපිට හිටි පිළිමයක් මෙන් නිසොල්මනේ සවස තුනේ සිට පස්වරු හත දක්වා මේ දිනවල භාවනායෝගීව වැඩ සිටියි.

දැඩි රස්නයත් නොතකා මෙලෙස භාවනාවේ යෙදී සිටින භික්ෂුන්වහන්සේ දෙස වන්දනාකරුවන් බලා සිටිනුයේ පුදුම සහගත අයුරිනි.

හිමිනම වැඩ සිටින අසලින් ලියා ඇත්තේ ‘මුදල් දාන්න එපා’ මුදල් පරිහරණය නොකරමි. වීඩියෝ කර ගන්න. ඡායාරූප ගත්තාට වරදක් නැත. මා සමඟ කතා නොකරන්න. ප.ව. 3 - 7 දක්වා යනුවෙනි.

‘සෑයට පිටුපාලා ඉන්න එපා’ යැයිද ඒ හිමියෝ සටහනක් තබා ඇත.

Pic-1