අවසන් ගෞරවයට පොරකති


නොච්චියාගම රලපනාවේ බාල පුතාගේ නිවසේ තැන්පත් කර තුබූ 82 හැවිරිදි මවගේ දේහය මහ රෑ ලොකු දුවගේ ගෙදරට ගෙන ගොස් තිබියදී පොලීසියේ සහායෙන් යලි ගෙන බාල පුතාගේ ගෙදරට ගෙන ඒමට සිදු විය.

සිව් දරු මවක වන මිය ගිය කාන්තාවගේ ලොකු දුවගේ සැමියා ඇතුළු පිරිසක් දේහය රැගෙන යද්දී බාල පුතාගේ ගෙදර අයට නින්ද ගොස් තිබූ බව ද කියති.

පොලීසියේ මැදිහත්වීමෙන් එකඟත්වයක් ඇතිකරගෙන ලොකු බෑනාද කැමති කරගෙන දේහය යලි බාල පුතාගේ ගෙදරට ගෙනවුත් අවසන් කටයුතු සිදු කළ බව පොලීසිය කියයි.