අවවාදෙට පුතාගෙන් හිරමන පාර


දෙවසරක් පුණරුත්ථාපනය වූ කොටි සාමාජිකයකු (20) නිදා සිටි පියාගේ හිසට හිරමනයෙන් හතර පස් වරක් ගසා මරා දමා ඇතැයි කිලිනොච්චි පොලිසිය කියයි.

කනගරායන් කුලමේ පදිංචිකරුවකු වන තරුණයා පුහුණුව හමාර කර ගෙදර ආ පසු පුතාට දුන් අවවාද කර ඇත්තේ තැන තැන රස්තියාදු නොවී ප්‍රයෝජනවත් දෙයක් කරන ලෙසයි. එය ඔහු නොරිස්සීම නිසා පියාට ගසන්නට ඇතැයි සැක කෙරේ.