වල් ඌරු මස් ප්‍රවාහනය කළ අවමංගල රථයක් හා සැකකරුවකු හම්බන්තොට වනජිවී නිලධාරින් විසින් හම්බන්තොට කටුවැවදී අත් අඩංගුවට ගත් බව වනජීවී කාර්යාලයේ අඩවි සහකාර නිලධාරී විජය කුමාර මහතා පවසයි.
හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින්ට ලද තොරතුරක් මත වෑන් රථයේ තිබූ වල් ඌරු මස් කිලෝ 25 ක් සමඟ එහි සැකකරු අත් අඩංගුවට ගත් බව කියයි.

