අවන්හලේ දමාගිය විදේශිකයාගේ වත්කම් සුරක්භාෂිතව භාරදෙයි


(නිමල් ජයරත්න)

කොළඹ සිට සීගිරිය නැරඹීමට පැමිණ දඹුල්ල පැල්වෙහෙර පිහිටි අවහන්හලකින් ආහාර ගැනීමට ආ විදේශීය සංචාරකයෙකුගේ අමතක වී ගිය රුපියල් ලක්ෂ 18කට අධික මුදල් හා විදේශීය මුදල් විශාල ප්‍රමාණයක් ඇතුලු අනෙකුත් උපකරණ  විදේශීය සංචාරකයාගේ අත් බෑගය එම විදේශීය සංචාරකයා වෙත යලි භාරදීමට දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේ අවන්හල්හිමියෙකු ඊ‍යේ 22 කටයුතු කර තිබේ.

නමින් ටෙනී මාර්ටින් ස්ටයිම් නම් මෙම ඕස්ට්‍රේලියානු ජාතිකයා සිය පවුලේ තවත් සාමාජිකයින් තිදෙනෙකු සමගින් වෑන් රථයකින් දින 12 ක සිය සංචාරය තුල 22 දින දහවල් සීගිරිය නරඹා සිය දහවල් ආහාර ගැනීම සදහා ඊයේ හවස 2.00 ට පමණ දඹුල්ල ,පැල්වෙහෙර ප්‍රදේශයේ පිහිටි ආරිය රෙස්ට් අවහන්හල වෙත පැමිණ ඇත.

එලෙස දහවල් ආහාරය ලබා ගැනීමෙන් පසු එම අවන්හලෙන් නැවත ඔවුන් නවාතැන් ගැනීමට නියමිත සීගිරිය ප්‍රදේශයේ හෝටලය වෙත නැවත පිටත්ව ගොස් තිබේ.

එසේ සිය නවාතැන් පලට පැමිණි අවස්ථාවේ තම මුදල් ඇතුළු වටිනා අත් බෑගය තමන් ලග නොමැති බව දැනගත් ටෙනී මාටින් ස්ටයිම් මහතා ඒ පිලිබදව කළබල වී ඔවුන්ට මග පෙන්වීම සඳහා පැමිණි සංචාරක මාර්ගෝපදේශකවරයාට ඒ බව දැනුම් දී ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වූ එම සංචාරක මාර්ගෝපදේශකවරයා එම විදේශීය සංචාරකයින් පිරිස ආහාර ගනු ලැබූ අවන්හලේ හිමිකරුව දුරකථනයෙන් අමතා එම විදේශිකයා සතුව තිබූ අත් බෑගය නැතිවීම හා එය අවන්හලේ තිබේ ද යන්න පිලිබදව විමසීමෙන් අනතුරුව එම අවන්හලේ හිමිකරු වන කේ.පී.ආරියදාස මහතා එය සුරක්ෂිතව තම අවන්හල තුල තබා ඇති බවත් එය ලබා ගැනීම සඳහා එහි හිමිකරුව කැදවාගෙන එන ලෙසට ඔහුට දැනුම් දී ඇත.

ඒ අනුව පැය 04 කට පමණ පසු තමන් ආහාර ගත් අවන්හලේ අමතක වී ගිය මුදල් හා අනෙකුත් උපකරණ ඇතුලත් අත් බෑගය සුරක්ෂිතව තිබෙනු දැක ඔහු මහත් සතුටට පත්විය.