(සමන් විජය බංඩාර)
අරණායක රහල බටහිර කනිෂ්ඨ විද්‍යාලයේ ඉදි කර ඇති අවතැන් කඳවුරු සහ එම අවතැන්ව සිටින ජනතාව ඉවත් කරන ලෙස ඉල්ලමින් එම පාසලෙ සිසුන්ගේ දෙමාපියෝ අද (13) අරණායක රහල මාර්ගය විද්‍යාලය අසලින් හරස් කොට උද්ඝෝෂණයක නිරත වූහ.
දැනට වසරකට වඩා වැඩි කාලයක් තිස්සේ අරණායක රහල, සැලව යන ගම්මානවල අවතැන් වු පුද්ගලයන් 40 ක් පමණ කුඩාරම් 14 ක් සකස් කර පාසල් ක‍්‍රීඩංගණයේ පදිංචි කර ඇති බවයි. එම නිසා දරුවන්ට ක‍්‍රිඩා කටයුතු කිරිමට බාධා එල්ල වි ඇති බවත් මෙවර නිවාසාන්තර ක‍්‍රීඩා උළෙල මහ මාර්ගයේ පවත්වන්නට සිදු වු බවත් ඔවුහු කියති.





