අවතැන් වුවනට කඩිනමින් සහන දෙන බව අනුර කියයි


කැලණි ගඟේ ඉහළ ජලධාරා ප‍්‍රදේශයන්ට තවමත් වැසි ලැබෙමින් පවතින නිසා ජල මට්ටම ඉහළ යාමෙන් ඇති වූ ගංවතුර තත්ත්වය තවත් දින කිහිපයක් පවතිනු ඇතැයි ආපදා කළමනාකරණ ඇමැති අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අද (20) පැවති හමුවක දී පැවසීය.

ආපදා තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා  අවශ්‍ය  මුදල් ලබාදීමටත් පවතින තත්ත්වයට මුහුණදීම සඳහා රජය සම්පූර්ණ යාන්ත‍්‍රණය යොදවා ඇති බවත් ඔහු සඳහන් කළේය.

ආපදා අවස්ථාවට මුහුණදීම සඳහා රජය මුළු යාන්ත‍්‍රණය නොයෙදවූ බවට ඇතැමුන් චෝදනා කළත් විපතට පත් ජනතාව මුදාගැනීමටත්, ඔවුන්ට අවශ්‍ය ආහාර හා අනෙකුත් පහසුකම් සැලසීමට  සියලූ ක‍්‍රියාමාර්ග රජය විසින් ගත් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

DSC_1883