අවතැන් වු ගණන පැයෙන් පැය ඉහළට


කොස්ලන්ද මීරියබැද්ද නායයාමෙන් අවතැන්වුවන්ට සහන සැලසීමේදී සහන බලාපොරොත්තුව විවිධ හේතු දක්වමින් පවුල් පිටින් විශාල පිරිසක් අවතැන් කඳවුරු වෙත පැමිණිම නිසා තමන් දැඩි අසිරුවකට පත්ව ඇතැයි බදුල්ල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ ආපදා කළමණාකරන  සහකාර අධ්‍යක්‍ෂ ඊ.එම්.එල්. උදය කුමාර මහතා පැවසුවේය.

මේවනවිට පැයෙන් පැය එසේ පැමිණෙන්නන්ගේ ප‍්‍රමාණය වැඩිවන නිසා සහන දීම සහ අවතැන්වූවන්ගේ සංඛ්‍යා ලේඛන සැකසීම පවා අසීරුවී ඇතිබවද ඔහු කීහ.

කම්පනයට පත් වී සිටින  ළමයින්, කාන්තාවන් සහ වැඩිහිටියන් වෙනුවෙන් වෛද්‍ය සායන පවත්වන බව  කොස්ලන්ද දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරී එරංග අසේල මහතා කීහ.

මේ අතර නායයාම සිදුවු දිනයේ පාන්දරින් පාසල් ආ සිසුන් සමහර දෙනෙකුගේ මව්පියන් ද පාන්දරින් විවිධ වැඩ ස`දහා නිවෙස්වලින් පිටවීම නිසා ජීවතුන් අතර සිටින බවට විශ්වාසයක් ඇතිබව කී දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරීවරයා බොහෝවිට ඒඅය අනෙක් ක`දවුරේ සිටිය හැකි යැයි පැවසුවේය.

මව්පියන් ඇති දරුවන්ට මව්පියන් මුණගස්වා දීමෙන් පසු මව්පියන් අහිමි දරුවන්ගේ පුනරුත්ථාපනය වෙනුවෙන් විශේෂ වැඩපිළිවලක් සකසන බවද කොස්ලන්ද දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරීවරයා කීය.