බස්නාහිර උතුර පොලිස් කොට්ඨාසයේ නිසි ආකාරව රාජකාරි කරන පොලිස් සාමාජිකයන් ඇගයීම සඳහා නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වෙයි.
ගවයන් ප්‍රවාහණය කළ ලොරියක් අත්අඩංගුවට ගත් හා මහ මඟ වැටී තිබූ මුදල් පසුම්බියක් අයිතිකරුට භාර දුන් පොලිස් නිලධාරීන් තම කාර්යාලයයට ගෙන්වූ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා විසින් ඔවුහු ඇගයීමට ලක් කරනු ලැබූහ.
බස්නාහිර උතුර දිසා රථවාහන කොට්ඨාසයට අයනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන් ජී ටී ආර් ටී රංජිත් සේනාරත්න සහ (23638) පොලිස් කොස්තාපල් අයි ආර් ද සිල්වා (49016) කොළඹ මීගමුව මාර්ගයේදී කපුවත්ත හංදියේදී නීති විරෝධීව ගවයන් ප්‍රවාහනය කළ ලොරියක් සැකකරුවන් දෙදෙනකු ද සමග අත්අඩංගුවට ගත්හ.
ගම්පහ මූලස්ථාන පොලීසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන් (55453) ඒ එන් අධිකාරි මහතා මාර්ගයේ වැටී තුබූ රුපියල් 143225ක් සහ ජාතික හැඳුණුම්පත සහිත මුදල් පසුම්බියක් අහුලා එහි අයිතිකරු වන යක්කල මහවිට පදිංචි වී එම් චන්ද්‍රපාල හතාට භාර දුන්නේය.
ඡායාරූප - ගවයන් ප්‍රවාහනය කළ ලොරිය අත්අඩංගුවට ගත් පොලිස් සාමාජිකයන් නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා විසින් ඇගයීමට ලක් කල අයුරු.
ඡායාරූපය - පාරේ තිබී ඇහිලූ රුපියල් 14322ක් සහිත මුදල් පසුම්බිය අයිතිකරුට බාර දුන් පොලිස් සැරයන්වරයා නියෝජ්‍ය පොලිස්පති විසින් ඇගයීමට ලක් කළ අයුරු.