ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර හොම්ලන්ඩ් සරසවියේ තාක්ෂණවේදී සිසුවකු වු චමිදු අමරසිංහ පිරිසිදු කරන්නකු ලෙස වැඩ කරද්දී 2011 අගොස්තු මස එක්තරා දිනක ඩොක්ලෑන්ඩ් හි චෑනල් 9 රුපවාහිනි නාළිකා ගොඩනැගිල්ලේ වැසිකිළියක තිබි ඕස්ට්‍රේලියා ඩොලර් ලක්ෂයක් (රුපියල් 12198920) සොයා ගත්තේය.
මුදල් වල හිමිකරුවකු නොසිටි නිසා ඔහු මුදල් පොලිසියට බාර දුන්නේය. මේ අතර පරිගණක තාක්ෂණය පිළිබඳ වෑඩිදුර අධ්‍යාපනය ලෑබිම සදහා චමිදු නවසිලන්තය බලා පිටත්ව ගියේය.
මුදලේ හිමිකරුවා සොයා ගැනීමට වසර තුනක් යනතුරුත් ඕස්ට්‍රේලියා පොලිසියට නොහැකි විය. අවසානයේදි පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මුදල්වලට හිමිකම් කියන්නෙකු සොයාගත නොහැකි බවයි. ඕස්ට්‍රේලියා අධිකරණ තිරණය කළේ අවංකත්වයට ගරු කිරිමක් වශයෙන් චමිදු අමරසිංහට එම මුදලින් ඩොලර් 81,540 ක් (රුපියල් 9946999 ) ලබා දිය යුතු බවයි.
ඔහුට ලැබුණු මුදල බර්වික්ඩ් බෞද්ධ විහාරයට පරිත්‍යාග කරන බවත් ඉන් ආබාධිත අයට උදව් කරන්න බලා පොරොත්තු වන බවත් චමිදු පවසයි.
ශ්‍රි ලාංකික තරුණයාගේ මෙම අවංක ක්‍රියාව ඕස්ට්‍රේලියා මාධ්‍යයට හොඳ පුවතක් විය.මහේස්ත්‍රාත් මයිකල් ස්මිත් පැවසුයේ එවැනි අවංක ක්‍රියාවක් අගය නොකිරීමට හේතුවක් නැති බවයි.ජ්‍යෙෂ්ඨ රහස් පරීක්ෂක ඩැනියෙල් තෝන් ඒ ප්‍රකාශය අනුමත කළේය.
ඕස්ට්‍රේලියා මාධ්‍යවේදී ඈන්ගන් තොම්සන් තම පුවත්පතට ඔහු ගැන ලිපියක් ද ලියුවේය. මේ සිසුවාගේ අවංකත්වය අදහාගත නොහැකි බවත් ඉතා අපහසු ආර්ථික තත්ත්වයකින් සිටින ඔහු අමාරුවෙන් සිය උගෙනීම කැරගෙන යන බවත් එම ලිපියේ සඳහන් වේ.
මෙම අවංක තරුණයාට ඕස්ට්‍රේලියා රජය හොද වටිනාකමක් දී ඇත්තේ එරට පුරවැසි බව පිරිනමමිනි. ඔහු දැන් ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි කරුවෙකි.
‘මා සැබැවින්ම වාසනාවන්තයි .ඒ මුදල් මා නාස්ති කළේ නැහැ‘. මේ තෑග්ග මට දුන් බව බව ඇසු ගමන් මට කතා කරගන්න බැරි වුණා‘යැයි චමිදු පවසයි.
(විශෙෂ ස්තුතිය, මෙල්බර්න්ඩ් හි හොම්ස්ලන්ඩ් සරසවියේ සිසුවියක වු දෑනට ඉතාලියේ පාදොවා නුවර පදිංචි රදිකා කවිත්‍රිට)
0772018600 අමල්

