සෞදි අරාබියේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වන වඩිවෙල් ක්‍රිෂ්ණමූර්ති මහතා මැයි විසි වැනි දින සෞදි අරාබියට පැමිණීමට නියමිත බව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරයි.
අවසන් වරට දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර නියෝජ්‍ය මහ කොමසාරිස් ලෙස කටයුතු කළ ක්‍රිෂ්ණමූර්ති මහතා විදේශ දූත මණ්ඩල සේවයේ විසි වසරක පලපුරුද්දක් ඇත්තෙකි. ඔහු වසර 33 රාජ්‍යය සේවයේ යෙදී ඇති නිලධාරියෙකි.
එක්සත් ජාතීන්ගේ සංගමය, චීනය, නෙදර්ලන්තය, බංගලාදේශය ඇතුළු විවිධ රටවල › ලංකාව නියෝජනය කර ඇති ක්‍රිෂ්ණමූර්ති මහතා දකුණු ආසියාතික සහයෝගිතා සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන්ද කටයුතු කර ඇත.

