අලූත් කඩෙත් විරෝධයක්


කෝට්ටේ රජමහා විහාරයේ හිමිදෙනම ඝාතනයේ සැකකරුවකු වෙනුවෙන් නුගේගොඩ මහේස්ත‍්‍රාත් උසාවියේ පෙනී සිටි නීතිඥ සුමිත් සිල්වාට පහරදීමට විරෝධය පළ කරමින් කොළඹ අලූත්කඬේ කොටුව හා මාලිගාකන්ද උසාවි නීතිඥවරු 250 දෙනෙක් පමණ උද්ඝෝෂණයක් කළහ. නීතිඥ සංගමයේ සභාපති යූ.එල්.ආර්. රණවක මහතා පැවැසුවේ සැකකරුවකුට නීතිඥ සහාය ගැනීමත් නීතිඥයකු සැකකරුවකු වෙනුවෙන් පෙනී සිටීමත් රටේ මූලික නීතියට එකඟ බැවින් එම නීතිය කඩන්න වුනට එරෙහිව නීතිමගින් ක‍්‍රියා කළ යුතු බවයි.