අලුතින් ගුරුවරු 5000ක්


(රංජන් කස්තුරි)

උපාධිධාරි ගුරුවරුන් 5500ක් ළඟදීම බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

මීට අමතරව විද්‍යාපීඨ ගුරුවරුන් 7500කට හෙට (16) පත්වීම් ලබාදෙන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා කීවේ. 

විද්‍යාව, ගණිතය, තාක්ෂණය,භූගෝල, භාෂා සහ වානිජ යන විෂයන් සඳහා භාෂා මාධ්‍ය තුනෙන්ම  එම ගුරුවරු බඳවා ගන්න බව ද අධ්‍යාපන අමාත්‍යවරයා කීය.