විශිෂ්ට ගණයේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ස්ටීවන් ස්පීල්බර්ග්ගේ නවතම චිත්‍රපට නිෂ්පාදනය වන “BFG" සඳහා රෝල්ඩ් දාහ්ල්ගේ ජනප්‍රිය නවකතාවක් පාදක වී ඇති නමුත් පසුගිය 17 වැනිදා ස්පීල්බර්ග් පවසා සිටියේ මෙහි එන කතාව තමන්ගේ ළමා කාලය හා සම්බන්ධ බවයි. තමන්ගේ ළමා කාලය සහ නවකතාවේ එන ඇතැම් සිද්ධි සමාන බව පවසන ස්පීල්බර්ග් මෙහි එන ප්‍රධාන චරිතවලට අයත් හුදෙකලා චරිත තමන්ට සැබෑ ජීවිතයේදී ලැබී තියෙන බවද පවසයි.