අලුත්ගම හා දර්ගානගර අද උදේ පාළුවට ගොස් තිබිණි. නගරයේ පාසල් ද වසා දමා ඇත. දුම්රිය කිහිපයක් ද අලුත්ගම දුම්රිය පොළේ නතර කළේ නැත.
බස් ධාවනය නොවුණු අතර බස් නැවතුම් පාළුවට ගොස් තිබිණි. අලුත්ගම හා දර්ගානගරයේ බැංකු ද, වෙළෙඳ ආයතන ද විවෘත වූයේ නැත.
පොලිස් විශේෂ කාර්ය බළකාය ජල ප්‍රහාරක රථ, කැරළි මර්දන පොලිස් කණ්ඩායම් සීරුවෙන් තබා ඇත.

