බේරුවල සහ අලුත්ගම දී පසුගිය 15 වැනි දා ගැටුම්වල දී ජීවත දෙකක් අහිමි වී නිවාස 120ක් විනාශ වී ඇති නමුත් පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂක කැඳවා නැතැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසූරියහා ලේකම් අජිත් පතිරණ හා බන්දුල වීරසිංහ මහත්වරු කළුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂ් ආබ්දීන් මහත්මිය හමුවේ අද කියා සිටියහ.
මෙම ගැටුම්වල දී මිය ගිය මොහොමඩ් රිල්වාන් හා මොහොඩ් මුස්දීන් මහත්වරුගේ මරණ පරීක්ෂණවල දී ඔවුහු එසේ කීහ.
පශ්චාත් මරණ පරීක්ෂණ හා රස පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කර නැති බව ඔවුහු කීහ.
එම වාර්තා ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.

