අලුත්ගම හා ධර්ගා නගරයේ ගැටුම්වලට සම්බන්ධ 55 දෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි ද, 35 දෙනකු රිමාන්ඩ් කැර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
තවත් 35 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය, රහස් පොලිසිය හා තවත් කණ්ඩායම් තුනක් පරීක්ෂණ පවත්වන බවත්, තරාතිරම නොබලා වැරදිකරුවන් සියලු දෙනා අත්අඩංගුවට ගන්නා බවත් ඔහු පවසයි.
අලුත්ගම රැස්වීමක් පැවැත්වීමට බොදු බල සේනාව අවසර නොගත් බවත්, ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට අවසර ඉල්ලා නොතිබුණු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.

