අද අළුයම නාගොඩ රෝහලේ දී මියගිය තරුණියක ඇතුළු කාන්තාවන් හය දෙනකු අලුත්ගම දුම්රිය අනතුරින් මියගොස් ඇතැයි පොලිසිය කියයි. 14 හැවිරිදි පාසල් දැරියක ද මියගිය අය අතර සිටින බව රෝහල් අරංචිමාර්ග පවසයි. තුවාල ලැබූ පිරිමි හතර දෙනකු නාගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් අයකු කොළඹ ජාතික රෝහලට යවා ඇත.