අලුත්ගම අනතුරට හේතුව වැරදි සංඥාවක්?


අද අලුයම  අලුත්ගම දී සිදු වූ දුම්රිය අනතුරට හේතුව වැරදි දුම්රිය සංඥාවක් ලබා දීම විය හැකි යැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි කියයි.

අනතුර වාර්තා වීමත් සමග දුම්රිය බලධරයෝ සහ පොලිසිය පැමිණ පරීක්ෂණ ආරම්භ කළහ.