අලුත්කඩේ පොලිස් වැටක්


පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටීම සඳහා අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය අද උදෑසන 9.20ට පමණ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පිටත් වූවාය. මහේස්ත්‍රාත්වරුන් හා දිසා විනිසුරුවරු රැස්ව ශ්‍රේෂ්ඨාධිකරණයේ කොරිඩෝව දිගේ පෙළ ගැසී සිට ඇයට සුභ පැතූහ. කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමියෝ අගවිනිසුරුවරියට සෙත් පතා පිරිත් නූලක් බැන්දාහ. කතෝලික පූජකවරුද ඇයට දේවාශිර්වාද කළහ. ශ්‍රේෂ්ඨාධිකරණ භූමියම නීතීඥවරයන්ගෙන් පිරී ගියේය. අගවිනිසුරුවරියට සහාය පළ කරමින් ඔවුහු අත් පොලසන් දුන්හ. අගවිනිසුරුවරිය සිනාමුසු මුහුණින් ඔවුන් හා කතා බස් කළාය. ආරක්ෂක අංශ ඇතැමෙක් මාධ්‍යවේදීනට හා මාධ්‍ය ඡායාරූප ශිල්පීනට ද බාධා කළහ.