අලුත් ව්‍යවස්ථාවට කොළඹ සාක්කි සඳුදා සිට


ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබ`ද මහජන අදහස් සඳුදා (18) සිට ආරම්භ කිරීමට නියමිතය.

මහජන අදහස් විමසීමේ කමිටුවේ කොළඹ දිස්ත‍්‍රික් සැසිය කොළඹ කොම්පඤ්ඤවීදියේ, ස්ටේපල් වීදියේ ‘විසුම්පායේ‘ දී සඳුදා (18) සිට ලබන 22 වැනි දා දක්වා පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වෙන බවත් වාචික යෝජනා හා අදහස් ලිඛිත සාරාංශයක් ලෙසද ඉදිරිපත් කරන ලෙස කමිටුව ඉල්ලීමක් කරයි.

සභාපති, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබ`ද මහජන අදහස් විමසීමේ කමිටුව, ලේකම් කාර්යාලය, කොළඹ 02 ලිපිනයෙන් හෝ 011 2437676 දුරකථන අංකයෙන්, 0112328780 ෆැක්ස් අංකයෙන්, [email protected] යන විද්‍යුත් ලිපිනයෙන් හෝ yourconstitution.lk වෙබ් අඩවිය ඔස්සේ ද මෙම කමිටුව සම`ග සම්බන්ධ විය හැකි බව රජය කියයි.