අලුත් මෘදුකාංගය මුලින්ම දකුණු පළාතට


මොරටු සරසවිය හඳුන්වාදුන් අයිකාඕ ප්‍රමිතියට අනුකූලව ඡායාරූප සැකසිය හැකි මෘදුකාංගය විද්‍යුත් හැඳුනුම්පතට යොදාගැනීමේ නියමු ව්‍යාපෘතිය දකුණු පළාතෙන් ඇරඹූ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරල් ආර්.එම්.එස්.සරත් කුමාර මහතා පැවසීය.

දකුණු පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසිහතක් ආවරණයවන පරිදි ව්‍යාපෘතිය සිදුවන බවත් මෘදුකාංගය ආනයනය කළා නම් විශාල මුදලක් වැයවන බවද ඒ මහතා පැවසීය.

මොරටුව සරසවියේ පශ්චාත් උපාධිධාරියකුවන හෂාන් රන්දෙව් ප්‍රනාන්දු මෘදුකාංගය නිර්මාණය කළේය.

DSC_0114