කහවත්තේ වැල්ලදුර ආගරේ ගමට ගිය බෞද්ධ ගැහැණු පිරිමි පිරිසක් සම්ප්‍රදායික බුදු දහමට එරෙහිව දේශනා කරන්නට ගොස් පොලීසිය කැඳවා ඔවුන්ගේ ආරක්ෂාව සලසන්ට සිදු විය.
හාමුදුරුවරුන්ට දන් නොදෙන ලෙසත් පාංශ කූලයට හාමුදුරුවරුන් වැඩම නොකරවන ලෙසත් ඔවුහු කීහ. ඉක්මනින් නිවන් දැකිමට නම් දැනට අනුගමනය කරන පුරුදු වලින් ඈත් විය යුතු බවත් ඔවුහු සඳහන් කළහ.
පොලීසිය එන තුරු ඔවුන් දන ගස්සවා තැබු බවද දැන ගන්නට ඇත.