ආගමික සිද්ධි සම්බන්ධ පැමිණිලි විභාග කිරීමේ විශේෂ පොලිස් ඒකකය කොළඹ ධර්මපාල මාවතේ අංක 135 දරණ ස්ථානයේ බෞද්ධ හා ආගමික කටයුතු අමාත්‍යංශයේ පස් වැනි මහලේ දී ලබන සඳුදා (28) විවෘත කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
ප්‍රාදේශීය පොලිසි මගින් කරන පැමිණිලි ගැන සෑහීමකට පත් නොවන්නේ නම් මෙම ඒකකයට එම පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවත්, සහකාර පොලිස් අධිකාරීවරයකු යටතේ, පොලිස් පරීක්ෂකවරයකු හා කොස්තාපල්වරුන් හය දෙනකු එහි සේවය කරන බවත් ඔහු කියයි.
මෙම ඒකකය පිහිටැවනුයේ ජනපති නියමයෙනි. ආගම් අතර සාමය සහජීවනය හා සංහිඳියාව පවත්වාගෙන යෑම ප්‍රධාන අරමුණයි.

