
(අංජුල මහික වීරරත්න)
රජයේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ දේශපාලන වශයෙන් අවාසි සහගත වුවත් රටේ අනාගතයට වාසිදායක බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.
අද ගැන නොව හෙට ගැන සිතමින් ජනපති රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළ අරඹා තිබෙන බවද රත්නායක මහතා කීය.
අතීතයේ දී මැතිවරණ පිළිබඳ පමණක් සිතා තීන්දු ගැනීම රටේ ආර්ථිකය කඩා වැටීමට හේතු වූ බව පෙන්වා දුන් සාගල රත්නායක මහතා වත්මන් රජය සිදුකරන ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රතිලාභ අද දවසේ හිමි නොවුණද, රටේ තරුණ තරුණියන් සහ අනාගත පරපුරට නිසැක වශයෙන්ම එම ප්‍රතිලාභ හිමිවනු ඇති බවද සඳහන් කළේය.
සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ පැවති 2024 අයවැය යෝජනා සම්බන්ධ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයකට එක් වෙමිනි. ජනාධිපති වෘත්තීය සබඳතා අංශය විසින් මෙය සංවිධානය කර තිබිණි.

