මාලිගාවත්ත පැල්පත්වාසී නිවාස වල පදිංචිකරුවන් අලුත් නිවාස වල පදිංචි කරන දිනය නිසි ලෙස තීරණය කරන තුරු ඔවුන්ගේ පැරණි ගෙවල් විනාශ නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නාගරික සංවර්ධන අධිකාරියට දැනුම් දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ දැනුම් දුන්නේ මාලිගාවත්ත පැල්පත් නිවැසියන් 25 දෙනෙකු ශ්‍රේෂඨාධිකරණයේ ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම යළි කැදවු අවස්ථාවේදීය.
තම නිවාස කඩා දැමීමට යතියිද ඔවුහු කියති.
මෙම පෙත්සම අග විනිසුරු මොහාන් පීරීස් මහතා ප්‍රියසාද් ඩෙෆ්, සහ රෝහීනී මාරසිංහ මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිනි.